සාර්ක් කලාපීය ජාතික ශිෂ්‍යභට ඛන්ඩය නියෝජනය කරමින් ශිෂ්‍යභට ඛන්ඩයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාර්ක් කලාපීය ජාතික ශිෂ්‍ය භට ඛන්ඩය නියෝජනය කරමින් ශිෂ්‍ය භට ඛන්ඩයක් පසුගිය ඔක්තෝබර්  මස 18 වන සඳුදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එම ඛන්ඩයේ ප‍්‍රධාන උපදේශක ලෙස නේපාල ජාතික ශිෂ්‍ය භට ඛන්ඩයේ බි‍්‍රගේඩියර් ජෙනරාල් යෙම් බහදුර් තාපා කටයුතු කරන ලදී.

බංගලාදේශය, ඉන්දියාව, නේපාලය හා පකිස්ථානය නියෝජනය කරමින් 28 දෙනෙකුගෙන්යුත් කණ්ඩායමක් මෙම සංචාරයේ නිරත විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්‍ද්‍ර මහතා සහභාගී විය. එසේම මෙම අවස්ථාවට ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, සුභ සාධන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා, භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක ගුවන් කොමදෝරු කිෂාන් යහම්පත් සහ පුහුණු අධ්‍යක්‍ෂක
ගුවන් කොමදෝරු ලාල් පෙරේරා ඇතුළු ගුවන් හමුදාවේ උසස් නිළධාරීහු රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයේ මෙහෙයවීම් කටයුතු බලඝන නායක ලසන්ත දහනායක විසින් සිදු කරන ලදී. ශිෂ්‍ය භටයින් විසින් ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරීතුමාගෙන් ප‍්‍රශ්න විමසීමක් ද, උත්සවය අවසානයේ සමරු ඵලක පිළිගැන්වීමක්ද සිදු කරන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි