වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2018 නොවැම්ර් මස 01 වන දින ගුවන් සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අශෝක වරකාංග විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර ආචාර පෙළපාලියක්  මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආචාර පුද කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර නායක ගුවන් භට කුමාරදාස ඩබ්එමඑස් ඔහු සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි