අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරයි
8:38am on Monday 3rd December 2018
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 24 වන දින සමරන ලදී.
සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින පෙළපාලිය බලඝණ පරිශ්රයේදී අංක 09 හෙලිකොප්ටර් බලඝණය සිය මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් එම්අයි 24 ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ එම් එස් පී බී කුලතුංග මහතාගේ ප්රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී බලඝණයෙහි සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් උදෑසන ආහාරය ද එල්ලේ තරගාවලියක්ද පවත්වන ලදී.
ගෲප් කැප්ටන් ඩබ්ලිව් එල් එම් ජේ පී රොඩ්රිගු මහතාගේ විසින් ආරම්භ කරන ලද ප්රහාරක හෙලිකොප්ටර් බලඝණය මාතෘ භුමිය මුදාගැනීමේ උදාර කාර්ය බාරයට ඉමහත් දායකත්වයක් දක්වන ලදී.
අංක 9 ප්රහාරක හෙලිකොප්ටර් බලඝණය, රුසියාවේ නිෂ්පාදිත එම් අයි -24 හින්ඩ් හෙලිකොප්ටර් සහ එම් අයි 17 හෙලිකොප්ටර්වලින් සමන්විත වේ. මෙම හෙලිකොප්ටර්යානා ආරක්ෂක කටයුතු වලදී යුධ හා නාවුක හමුදාවන්ට ඉමහත් දායකත්වයක් ලබාදේ.