මොරවැව ගුවන් හමුදා කඳවුරේ වාර්ශික සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව හා දානමය පිංකම
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය නොවැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරීී ගෲප් කැප්ටන් සී ආර් ඩී ගුණවර්ධන ගේ මගපෙන්වීම මත මෙම සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව සිදු කරන ලදී. පසුදින දානමය පුණ්‍ය කර්මය සංගරත්නයේ 220 නමකගේ වැඩමවීමෙන් සිදුකරණ  ලදී.

මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට, මොරවැව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සේවා පුද්ගලයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන්ට සෙත් පැතීම සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි