ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කඳවුර සිය 29 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා අම්පාර කඳවුර සිය 29 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය.
සංවත්සර දිනය ආරම්භ කරමින් කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච් ඩබ් ආර් චන්දිම විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියළුම අයවලුන්ට ස්තුතිය පුද කල අතර කදවුරේ ඉතිහාසය පිලිබදව කෙටි හැදින්වීමක් සිදු කරන ලදි. ඒවාගේම මානුෂීය මෙහෙයුම් කාලයේදී ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ ස්වාභාවික විපත්වලදී දැක්වූ දායකත්වය ඇතුලු අනාගත අභියෝග හා එහි වගකීම් පිළිබදව ගුවන් හමුදා කාර්ය භාරය පිළිබදව දැනුවත් කරන ලදි.
මෙදිනට සමගාමීව ශ‍්‍රමදාන වැඩසටහන් රැසක් පැවති අතර, අම්පාර පොදු සුසාන භූමිය, ඩී එස් සේනානායක ජාතික පාසල, බුද්ධංගල විහාරය, දමන ප‍්‍රාදේශීය රෝහල, ඒ අතර වේ. අනතුරුව සියළුම නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සහැල්ලු පන්දු කි‍්‍රකටි තරඟාවලියක් සංවිධානය කරන ලදි.
සංවත්සර දිනයේ එක් අංගයක් ලෙස කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච් ඩබ් ආර් චන්දිම ගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලු නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සර්ව රාති‍්‍රක පිරිත් දේශනයක් පැවැත්වූ අතර ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් යුධ සමයේ ජීවිත පූජා කල ගුවන් හමුදා රණවිරුවන් සහ අනෙකුත් හමුදාමය රණවිරුවන් හට සෙත්පතා පසුදින මහා සංඝරත්නය හට අටපිරිකර පුජා කරමින් දානය පිළිගන්වන ලදි.