'වෙව්' ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ගුවන් හමුදාධිපති තුමන් එක්වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද 'වෙව්' ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශණය පසුගිය නොවැම්බර් මස 28 දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි