ඵලදායි ලෙස පාරිසරික කළමනාකරණය හා සංරක්ෂණය උදෙසා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ වැඩමුළුවක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකයේ ගුවන් හමුදා ගුවන් නිරීක්ෂණ කණ්ඩායම සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්දව සංවිධානය කරන ලද ඵලදායි ලෙස පාරිසරික කළමනාකරණය හා සංරක්ෂණය උදෙසා ගුවන් නිරීක්ෂණය මෙහෙයුම් පිළිබඳ එක්දින වැඩමුළුවක් පසුගිය දෙසැම්බර් මස 14 වන දින බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විනි.
මෙම වැඩමුළුවේ සමාරම්භය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා විසින් සිදු කරන ලදී. ප‍්‍රධාන දේශකයන් ලෙස ශ්‍රී ලංකා නැනෝතාක්ෂණ හා පර්යේෂණ විද්යාඥ ආයතනයේ නැනෝතාක්ෂණ යෙදුම් උපදේශක මංජු ගුණවර්ධන මහතා, ගුවන් හා නාවික උපාය මාර්ගික අණ මධ්යස්ථානයේෙ මාණ්ඩලික නිලධාරි එයාර් කොමඩෝර් ඩිල්ෂාන් වාසගේ මහතා සහ ගුවන් නිරීක්ෂක නිළධාරී ස්කොඩ්රන් ලීඩර් මාලින්ද ගම්ලක්ෂගේ මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම වැඩමුළුවේදී පාරිසරික ගැටළු අවම කිරීම සඳහා ඩ්රෝන් යානා භාවිතය ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්හි ධාරිතාව වැඩිදියුණු කරගන්නා ආකාරය පාරිසරික කටයුතු වලදී ඇතිවන ජාතික අවශ්‍යතාවයන් සඳහා ආධාර කිරීම සඳහා ඩ්රෝන වඩා කාර්යක්ෂමව යොදා ගන්නේ කෙසේද යන කරුනු පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුව දිවයින පුරා සිටින මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් හා ගුවන් හමුදාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා මහත් පිටුබලයක් සැලසේ.