
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාව දිනා ගනී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත්විය. ජාතික වොලිබෝල් තරඟාවළිය පසුගිය 2018 දෙසැම්බර් මස 18 වනදා නිමාවට පත්වූ අතර අවසන් තරඟයේදී යුධ හමුදා කණ්ඩයම තරඟ වට 3-0 ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නා ලදී. ශ‍්‍රී ලංකා වොලිබෝල් සංචිතයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
නායක ගුවන් කාන්තා ප‍්‍රසාදිනී විසින් මෙවර ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය දරණ ලද අතර ඇය ශ‍්‍රී ලංකා ජාතික වොලිබොල් සංචිතයේ හිටපු නායිකාවද වෙයි.
නායක ගුවන් කාන්තා ප‍්‍රසාදිනී විසින් මෙවර ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය දරණ ලද අතර ඇය ශ‍්‍රී ලංකා ජාතික වොලිබොල් සංචිතයේ හිටපු නායිකාවද වෙයි.