
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ හිටපු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පීවීඒ සමන්ත විසින් අංක 7 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඩීඑස්එස් ගුණවර්ධන හට භාරදීමේ පෙළපාලිය පසුගිය 2018 දෙසැම්බර් මස 18 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වූහ.
මෙම සාමප‍්‍රදායික පෙළපාලිය සඳහා අණදීම ස්කොඩ්රන් ලීඩර් එච්ඩීටීඑස් විජේසිරිවර්ධන විසින් සිදු කරන ලදී.
මෙම සාමප‍්‍රදායික පෙළපාලිය සඳහා අණදීම ස්කොඩ්රන් ලීඩර් එච්ඩීටීඑස් විජේසිරිවර්ධන විසින් සිදු කරන ලදී.





