කොග්ගල ගුවන් බාලදක්ෂ කණ්ඩායම වාර්ෂික කණ්ඩායම් කඳවුර හපුගලදී පවත්වයි
කොග්ගල ගුවන් හමුදා කඳවුරු ගුවන් බාලදක්ෂ කණ්ඩායම සිය වාර්ෂික කණ්ඩායම් කඳවුර 2018 දෙසැම්බර් මස 15 සිට 17 දක්වා හපුගල මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ගුවන් හමුදා ප‍්‍රධාන බාලදක්ෂ කණ්ඩායම් නායක ගෲප් කැප්ටන් ජේඒපීඑස් ජයවර්ධන සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරු බාලදක්ෂ කණ්ඩායම් නායක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩීඑච්එස් විජේසිංහ ගේ මගපෙන්වීම යටතේ පවත්වන ලද මෙම කඳවුර සඳහා බාලදක්ෂයන් 158 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂ නායකයින් 08 දෙනෙකු සහභාගී විය.  කඳවුරු ගිනිමැල රාත‍්‍රිය 2018 දෙසැම්බර් මස 16 වන දින පවත්වන ලද අතර ඒ සඳහා කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීඑස්ඩබ් මොල්ලිගොඩ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

මෙම පුහුණු කඳවුරේදී ගුවන් බාලදක්ෂයන් පරීක්‍ෂණ, සරඹ පුහුණු, ආහාර පිසීම, නායකත්ව පුහුණුව, භාවනා වැඩසටහන්, කඳවුරු ගිනිමැල රාත‍්‍රිය, බාලදක්ෂ තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි