චීනවරාය විද්‍යාපීඨය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර 2018 අන්තර් ඒකක මලල ක‍්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතා දිනයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් 2018 අන්තර් ඒකක මළල ක‍්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2018 දෙසැම්බර් මස 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය.

කොලඹ ගුවන් හමුදා කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිළිවෙලින් එහි පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනාගන්නා ලදී.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිළධාරී පෙරේරා කේඅයිකේ විසින් දක්‍ෂතම මළල ක‍්‍රීඩකයාට හිමි ලක්‍ෂමන් ද අල්විස් අභියෝගතා කුසලානයට හිමිකම් කියූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් කාන්තා බණ්ඩාර අයිබීඑච්එන් දක්‍ෂතම මලල ක‍්‍රීඩිකාවට හිමි මලලක‍්‍රීඩා සභාපති අභියෝගතා කුසලනයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ, නිලධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි