2018 IPSC ජාතික වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ශ‍්‍රී ලංකාවේ ජ්‍යාතන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණ ලද 2018   IPSC   ජාතික වෙඩි තැබිමේ ශූරතාව 2018 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා පනාලුව ශ‍්‍රී ලංකා යුධ හමුදා කඳවුරු වෙඩිපිටියේදී පැවැත්විණි. වෙඩිතැබීමේ කණ්ඩායම් 08 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 208 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ, නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී විය.

මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් ක‍්‍රීඩකයින් 15 දෙනෙක් හා ක‍්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූහ. තරඟාවළියේ ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය 2018 දෙසැම්බර් මස 18 වන දින උස්වැටකෙයියාව මාලිමා සමාජ ශාලාවේදී පැවැත්විණි.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි