බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම
පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 36 නිළධාරී, අංක 51 ගුවන්භට, අංක 11 ගුවන් කාන්තා, අංක 27 නාවික සහ අංක 01 විදේශ සිසුන්ගේ බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලවන්ගේ නිළ ලාංඡුන පැළඳවීමේ පොළපාලිය 2018 දෙසැම්බර් මස 19 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සාර්ථකව හදාරා නිමකරන ලද ගුවන් හමුදා නිලධාරීන් 02 ක්, නාවික හමුදා නිළධාරීන් 03 ක්, ඉන්දියානු ගුවන් හමුදා නිළධාරීන් 02 ක්, පාකිස්තාන ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොළත් නිළධාරියෙක්, ගුවන් භටයින් 30 ක්, එක් ගුවන් කාන්තාවක් සහ නාවික භටයින් 04 දෙනෙකුගෙන් සමන්විත 43 දෙනෙකු සහතික පත් සහ නිළ ලාංඡුන ලබාගන්නා ලදී.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච්එම්බීජීඩීඑස් හේරත් සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ලබාගත් අතර නායක ගුවන් භට සුරවීර ඊපීඑල්එම් සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි