ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර සිය 38 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර 2018 ජනවාරි මස 01 වන දින සිය 38 වැනි සංවත්සරය සමරනු ලැබීය. සංවත්සරය සමරමින් කඳවුරේ සියළුම නිළයන්ගේ සහභාගිත්වයෙන්  කුඩ්ඩියප්පුලම් දෙමල විද්‍යාලයේ   ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. සංවත්සර සැමරුම් වැඩ පෙළපාලිය ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරෙහි සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් ද සිහිකරමින්ල කදවුරෙහි සේවය කරන සියලුම සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ආශිර්වාද පතා සර්ව ආගමික උත්සවයක් පවත්වන ලදී. අනතුරුව සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් උදෑසන භෝජන සංග්‍රහයක් සහ ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි