ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසල සිය 48 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  ඒකල වෘර්තීය පුහුණු පාසල සිය 48 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී තුමන් හා සිසු නිළයන්ගේ සහභාගීත්වයෙන් ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින් පැවැත්වු අතර එහිදී පිරිත් පිංකමක් හා දානමය පිංකමක් පවත්වන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව කඳවුර අසල සිවිල් නිවසකට දිගුකාලයක සිට අවශව තිබූ විදුලි පහසුකම සපයා දීම හා නිවැසියන් වෙත අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානයක් ද සිදුකරන ලදී. තවද ජා ඇල පිහිටි වෛද්‍ය බී එස් ජයවර්ධන, පුද්ගල සංවර්ධන මධ්‍යස්ථානයේ ශ‍්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි