කොග්ගල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගිලන් ඇඳක් පරිත්‍යාග කෙරේ
කොග්ගල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය 2019 වසරේ පළමු සේවා වනිතා ක‍්‍රියාකාරකම වශයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට දැඩි සත්කාර ඒකකයන් භාවිතයට ගන්නා ගිලන් ඇඳක් පරිත්‍යාග කිරීම 2019 ජනවාරි මස 03 වන දින සිදුකරන ලදී.
කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීඑස්ඩබ් මොල්ලිගොඩ, කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී දොස්තර පුෂ්පිකා මොල්ලිගොඩ සහ කඳවුරු සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර සහ කාර්ය මණ්ඩලය විසින් පරිත්‍යාගයන් භාරගන්නා ලදී.