'රිද්ම තරු' සමඟ ඩිජිටල් ආරක්ෂාව සහ ළමාවිය පුනර්ජීවනය පිළිබඳ වැඩසටහනක්
වර්තමාන සමාජය  තුළ බොහෝ අය මිතුරන් බවට පත් වීම, ආදර සබඳතා වර්ධනය හෝ වෙනත් සමාජ සම්බන්ධකම් පවත්වා ගැනීමට අන්තර්ජාලය භාවිතය වර්ධනයවී තිබේ. ඒ හේතුවෙන් දරුවන් අන්තර්ජාලය හා එක්වීමත් එහි වැඩිපුර කාලයක් ගතකිරීමත් හේතුවෙන් සමාජ ගැටළු රැසක් නිර්මාණය වෙමින් පවතී. මෙම ප‍්‍රශ්නය හේතුවෙන් දරුවන්ගේ මානසික හා ශාරීරික කි‍්‍රයාකාරකම් පිරිහීමට ලක්වීමත් විවිධාකාර අපයෝජනයන්ට දරුවන් ලක්වීමත් හේතුකොට ගෙන දෙමව්පිය වැඩිහිටියන් හට මහත් වගකීමක් පැවරී ඇති අතර මෙම බලපෑමෙන් දරුවන් ගලවා ගැනීම සඳහා ඔවුන් හට මහත් කාර්යභාරයක් පැවරී ඇත.

මෙම කරුණ සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර නිළ නිවාස පරිශ‍්‍රයේදී  'රිද්ම තරු' සමඟ ඩිජිටල් ආරක්ෂාව සහ ළමාවිය පුනර්ජීවනය යන මැයින් වැඩසටහනක් පසුගි ජනවාරි මස 02 දින ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ නිළ නිවාස වාසින් හා දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ සංවේදන ඉගෙනුම් මධ්යස්ථානයේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් විසිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි