2018 සියැට් ස්ලාඩා සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2019 ජනවාරි මස 04 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේ දි පැවති ”2018 සියැට් ස්ලාඩා” සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

මෙහිදී ඉෂාන් දසනායක එම්එක්ස් 250සීසී යතුරුපැදි කාණ්ඩයේ ශූරතාවය හිමිවූ අතර 3500සීසී කාණ්ඩයේ මෝටර්රථ ශූරතාවය අශාන් සිල්වා හට හිමිවිය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ශ‍්‍රී ලංකා මෝටර් රථ රියදුරු ක‍්‍රිඩා සංගමය මගින් සංවිධානය කරන ලදී. සියැට් ස්ලාඩා සම්මාන ප‍්‍රදානෝත්සවයත් සමග 2018 ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවන තරඟාවලි සමය අවසන් වූ අතර එහිදී 2018 වසරේ දක්‍ෂතා දැක්වූ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් සම්මානයට පාත‍්‍ර විය.

ගුවන් හමුදාව මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා මෝටර් ධාවන සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඒඩබ්ඊ විජේසූරිය, එයාර් වයිස් මාර්ෂල් එම්ඩබ්ටීඅයි ද සිල්වා, ගුවන් හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි