නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, 2019 ජනවාරි මස 14 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

අනතුරුව නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ අතර දෙපාර්ෂවය අතර සුහද කතාබහක් සිදු සිදුකරණ ලදී. මෙම හමුව සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරු කරගැනීමද සිදුකරණ ලදී.

මෙහිදී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල සුමංගල ඩයස් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය නව නාවික හමුදාධිපතිතුමන් හට හඳුන්වා දීමද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි