බංග්ලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලව දියතලාවේදී ඇරඹේ
බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් සඳහා පවත්වනු ලබන ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලාව පසුගිය ජනවාරි මස  මස 21 වන දින දියතලාව සටන් පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සඳහා බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් නිළයේ එක් නිළධාරීවරයෙකුත් ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ එක් නිළධාරිවරයෙකුත්,  ෆ්ලයින් ඔපිසර් නිළයේ නිළධාරීන් දෙදෙනෙකුත් හා කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 06 දෙනෙකුත් සහභාගී වූහ. පාඨමාලාව ජනවාරි මස 22 වන දින සිට මාර්තු මස 30 වන දින දක්වා පවත්වනු ලැබේ.

පාඨමාලවේ අරමුණු :
බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින්ගේ සේවා දැනුම වර්ධනය කිරීම.
බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් රෙජිමේන්තු රාජකාරීන්හි ක‍්‍රමානුකූල කිරීම
ගුවන් හමුදා අවි සහ උපක‍්‍රම පිළිබඳව සහභාගීවූවන් හුරු කරවීම
ඔවුන් හට ත‍්‍රස්ත සහ ගරිල්ලා ප‍්‍රහාරයන්හි උපක‍්‍රම පිළිබඳව හෙලිදරව් කිරීම

එසේම පාඨමාලාව මගින් ශාරීරික යෝග්‍යතාව, අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම, උණ්ඩ පිළිබඳ ප‍්‍රවීණතාවය වැඩි දියුණු කිරීම, නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම.

පුහුණු පාසල මගින් 2013 වසරේ සිට මේ දක්වා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප‍්‍රවීණතා පාඨමාලාවන් 6 ක් පවත්වා තිබේ.

දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබඩබපීඩී ප‍්‍රනාන්දු විසින් පාඨමාලා ආරම්භක දේශනය මෙහෙයවනු ලැබූ අතර නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ඩබ්එච්එම්එස්බී බණ්ඩාර, ප‍්‍රධාන උපදේශක නිළධාරී පුහුණු සහ සෙසු නිළ උපදේශකයින් මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි