2018 අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්‍ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමට ලක්කෙරේ
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන දක්‍ෂතාවයන් හඳුනාගැනීමේ සංකල්පය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද 2018 අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්‍ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමට ලක්කිරීමේ උත්සවයක් පසගියදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගරයේදී පසුගිය ජනවාරි මස 30 වන දින පැවැත්විණි.
මෙහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175 කට වඩා වැඩිපුර ලබාගත් සහ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ”ඒ” සාමාර්ථ තුනක් ලබාගත් දරු දැරියන් 111 දෙනෙකු හට මූල්‍යමය ත්‍යාග සහ ඇගයීමේ සහතික පත් ප‍්‍රදානය කරන ලදී.
මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් දරු දැරියන් හට සිය සුභාශිංෂන පිරිනමන ලදී.
සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිළධාරීන් සහ දෙමව්පියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.