මුලතිවු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
මුලතිවු ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ඩබ්කේඑස් බන්දුසේන විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එස්පීවීකේ සේනාධීර හට භාරදීමේ පෙළපාලිය 2019 ජනවාරි මස 30 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලද අතර මෙම අවස්ථාවට කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වූහ.

මෙම සාමප‍්‍රදායික පෙළපාලිය සඳහා අණදීම ස්කොඩ්රන් ලීඩර් පීබීඑම් මඩහපොල විසින් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි