
2019 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
කදුරට වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජය මගින් සංවිධානය කරණ ලද 2019 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2019 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 03 දක්වා නුවර හන්තාන වෙඩිපිටියේදී පැවැත්විණි. වෙඩිතැබීමේ කණ්ඩායම් 12 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 151 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ, නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී විය. මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් ක‍්‍රීඩකයින් 10 ක් හා ක‍්‍රීඩිකාවන් 04 ක් ද සහභාගී වූ මෙම තරඟාවලිය IPSC වර්ගීකරණයේ 2019 වසරේ ජාත්‍යන්තර තරඟ නියෝජනය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීම් තරඟයක් වශයෙන්ද පැවැත්වුණි.







