'ද ක්ලිපර්ස්', රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරේදී විවෘත කෙරේ
'ද ක්ලිපර්ස්', ගුවන් හමුදා රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක්  2019 පෙබරවාරි මස  07 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරේදී  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම රූපලාවන්‍යාගාරයෙන් ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරේ කාන්තාවන් හට තම රූපලාවන්‍ය කටයුතු සිදු කර ගැනීමේ පහසුකම හිමිවේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිණි බෙර්නි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුලු නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි