
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර මගින්ප‍්‍රජා සත්කාරක සේවාවක්
ගුවන් හමුදා 68 වන සංවත්සර සැමරුමට සමගාමීව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර මගින් කටුන ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගනය සහ යටියන ශාන්ති වැඩිහිටි නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් 2019 පෙබරවාරි මස 20 සහ 21 යන දිනයන්හිදී සිදුකරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ, නිළධාරීන් සහ ගුව්න භටයින් 50 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වූහ.







