
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්
ගුවන් හමුදා 68 වස සංවත්සරයට සමගාමීව දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසල විසින් වැලිඔය මැදබැද්ද මහා විද්‍යාලයේ දී 2019 පෙබරවාරි මස 23 වන දින වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එමගින් පාසල් දරු දැරියන්ට, ආචාර්ය මණ්ඩලයට, අනෙකුත් කාර්ය මන්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව හිමිවිය.


















