![](../uploads/news/seethadevi_hockey_19/12.jpg)
ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම සීතාදේවී අන්තර්ජාතික සයසාමාජික හොකී තරඟාවළිය තුන්වන වරටත් දිනයි
4:37pm on Wednesday 27th February 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම 2019 සීතාදේවී අන්තර්ජාතික සයසාමාජික හොකී තරඟාවළියේ ශූරතාවය නොකඩවා තුන්වන වරටත් ජයග‍්‍රහණය කරන ලදී. 2019 පෙබරවාරි මස 23 සහ 24 යන දිනයන්හිදී පේරාදෙණිය විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවළියේදී පිරිමි ”ඒ” සහ ”සී” කණ්ඩායම් තරඟාවළියේ ”ඒ” කාණ්ඩයේ සහ ”බී” කාණ්ඩයේ අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.
තරඟාවළිය සීතාදේවි විද්‍යාලය සහ සීතාදේවී ක‍්‍රිඩා සමාජය විිසින් සංවිධානය කරන ලදී.
කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම හමුවේ නාවික හමුදා කාන්තා කණ්ඩායම 3-2 ක් ලෙස පරාජයට පත්විය. ”ඒ” කාණ්ඩයේ පිරිමි අවසන් තරඟයේදී යුධ හමුදා ”ඒ” කන්ඩායම හමුවේ 4-3 ක් ලෙස ගුවන් හමුදා පිරිමි ”ඒ” කණ්ඩායම පරාජයට පත්වූ අතර ”බී” කාණ්ඩයේ පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදා ”සී” කණ්ඩායම යුධ හමුදා ”සී” කණ්ඩායම හමුවේ 1-0 ක් ලෙස පරාජයට පත්විය.
තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රිඩිකාව
නායක ගුවන් කාන්තා ප‍්‍රනාන්දු එම්එස්පී
දක්‍ෂතම කාන්තා දැල් රකින්නිය
නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී
![SLAF Women Win Seethadevi International Hockey 6's for third consecutive year](../uploads/news/seethadevi_hockey_19/10.jpg)
![SLAF Women Win Seethadevi International Hockey 6's for third consecutive year](../uploads/news/seethadevi_hockey_19/11.jpg)
![SLAF Women Win Seethadevi International Hockey 6's for third consecutive year](../uploads/news/seethadevi_hockey_19/12.jpg)
![SLAF Women Win Seethadevi International Hockey 6's for third consecutive year](../uploads/news/seethadevi_hockey_19/13.jpg)