ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය අවසාන දිනය
අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් විවෘත කරනු ලැබූ ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය අවසන්  දිනටත් සාර්ථකව ආරම්භ කරනු ලැබීය. මෙම ප‍්‍රදර්ශණය හා සැනකෙළිය සුපුරුදු පරිදි ප.ව 02.00 සිට රාත‍්‍රී 10.00 දක්වා ගාස්තුවකින් තොරව මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිවිය.

මෙදින ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නැරඹිමට දරුවන් සහ වැඩිහිටියන් භේදයකින් තොරව ලක්ෂයක පමණ පිරිසක් එක් වූහ.

රාත‍්‍රී සංගීත ප‍්‍රසංගය ෆෑලැෂ් බෑග් සංගීත කණ්ඩායම් සංගීතයට රණවිරු රියල්ස්ටා ගානය තරු එක්වූ අතර  ගුවන් හමුදා නර්තන කන්ඩායම නර්තනයෙන් දායක විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළියේ සංවිධායක කමිටු සභාපති  ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා  ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෘ විජේසූරිය මහතා හිඟුරක්ගොඩ මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු විශාලපිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි