
ගුවන් හමුදා කාන්තා වෙරළ කබඩි කණ්ඩායම 2019 ජාතික වෙරළ කබඩි තරගාවළියේදී සිය ආධිපත්‍යය පතුරවයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වෙරළ කබඩි කණ්ඩායම 2019 ජාතික වෙරළ කබඩි තරගාවළියේදී සිය ආධිපත්‍යය පතුරවමින් ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. තරගාවළිය පසුගියදා තංගල්ල වෙරළ තීරයේදී නිමාවට පත්විය. ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අනෙකුත් සියළුම කණ්ඩායම් අභිබවා සුපර් ලීග් සහ “ඒ“ ශ්‍රේණියේ ශූරතාවය දිනා ගනු ලැබූ අතර පිරිමි කණ්ඩායම සුපර් ලීග් අංශයේ අනුශූරතාවය සහ “ඒ“ ශ්‍රේණියේ සම ශූරතාවයට හිමිකම් කියන ලදී.










