සේවා වනිතා ඒකකය රාමනාතපුරම් දරුවන්ට නව බලාපොරොත්තුවක් එක් කළ වගයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් කිලිනොච්චි
ප්‍රදේශයේ රාමනාදපුරම්හි නැවත පදිංචි කළ පවුල් සදහා ඉදිකරන ලද පෙර පාසල ගුවන් හමුදා සේවා
වනිතා ඒකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින
(2010 නොවැම්බර් මස 04) විවෘත කරන ලදී.
දශක 03ක් පුරා වැවති කුරිරු යුද්ධයෙන් බැට කා තම වාසස්ථාන අතහැර ආරක්ෂිත කලාප කරා ගිය මොවුන් යුද්ධය අවසන සාමයේ අරුණළු ද සමග නැවත තම උපන් ස්ථාන වලට වාසය කිරීමට පැමිණෙන ලදී.මෙම පෙර පාසැල සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ නායකත්වයෙන් හා මගපෙන්වීම යටතේ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි නෙලුන් ගුණතිලක මහත්මිය සහ ඉරණමඩු ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී බලඝණ නායක හේලී රූපසිංහ සහ අන් සියල්ලන්ගේම සහයෝගය මත මෙය යථාර්ථයක් බවට පත් කරන ලදී.
තවද, 60 කට ආසන්න පෙර පාසල් දරුවන් ඊයේ දිනය වන විට ලියාපදිංචි කෙරෙනු අතර,එම දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපණය නගා සිටුවීමට උපකාරීවන පෙර පාසල් උපකරන කට්ටල බෙදාදීමක් හා දන්ත සායනයක් මෙන්ම කුරිරු යුද්ධයෙන් දෙපා අහිමි වූ අසරන දරුවන් වෙනුවෙන් රෝද පුටු බෙදා දීමක්ද මෙහිදී සිදුවුනි.
මෙම උත්සව අවස්ථාව සදහා බ්‍රිගේඩියර් අතුල ගලගමගේ, 572 බලසේනා අණදෙන නිලධාරී කර්නල් අනුර පන්නන්වල , අංක 07 සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රංජිත් ඇල්විටිගල සහ අංක 09 විජයබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් දයාවංස යන නිලධාරීන්ද සහභාගී විය.