ගුවන් හමුදා 68 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී පැවති විශේෂ "පිච්ච මල් පුජාව"
කැලණිය රජමහා විහාරයේ දී 2018 මාර්තු 09 සවස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් විශේෂ පිච්ච මල් පුජාවකට සහභාගී විය. 68 වැනි සංවත්සරය වෙනුවෙන් මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ රණවිරුවන් සඳහා ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් මෙවර සංවිධානය කරන ලද්දේ දෙවන වරටය.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිළධාරින්, කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරින්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.