16 වන ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ විශේෂ නියෝජිතයකු ලෙස බළගණ නායක වීරසේකර තේරී පත්වේ
චීනයේ ගුවැන්ෂූ නගරයේ මෙම මස 12 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත 16 වන
ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ විශේෂ නියෝජිතවරයකු ලෙස සහභාගි වීමට බළගණ නායක
සමන්ත වීරසේකර ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා ආමාත්‍යංශය විසින් තෝරා පත් කර
ඇත.
වසර 04 ට එක් වතාවක් පැවැත්වෙන ආසියාවේ අතිදැවැන්ත මළල ක්‍රීඩා උළෙල සදහා රටවල් 54ක් තරග වැදීමට නියමිත අතර එකිනෙකට වෙනස් වූ මළල ක්‍රීඩා ඉසව් 55 න් 23 සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියෝජනය කරනු ලැබීම මෙහි තවත් විශේෂත්වයකි.
2006 වසරේ දකා නුවර පැවති 15 වන ආසියාතික මළල ක්‍රීඩ උළෙලේ තානාධිපතිවරයකු ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සාමාජික වරයකු ලෙස හා ගුවන් හමුදා හැන්ඩ් බෝල් සංචිතයේ වත්මන් ලේකම් ධූරයද මොහු විසින් හොබවනු ලබන අතර 2009 හා 2010 ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පිට පිටම ටෙනිස් ශූරතාවය දිනා ගනිමින් දක්ෂ ක්‍රීඩකයකු ලෙස තම දායකත්වය ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී ඇත.