පලාලි ගුවන් හමුදා කඳවුරෙන් 2019 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ මාලාව ඇරඹෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2019 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ කඳවුරු පරීක්‍ෂණ මාලාව ආරම්භ කරමින් 2019 මාර්තු මස 14 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරු පරීක්‍ෂණය සිදුකරන ලදී.

මෙහිදී කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එස්ඩී ජයවීර විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර පිදීමක්ද සිදුකරන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කරමින් නව කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කරන ලද අතර අනතුරුව කඳවුරේ සියළුම ස්ථාන සිය පරීක්‍ෂණයට භාජනය කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවන් අමතන ලදී.

සියළු නිළයන්ගේ දිවා භෙෘ්ජනයෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණ අවසන් කරන විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි