අංක 06 හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි
අංක 06 හෙලිකොප්ටර් බලඝණය පසුගිය මාර්තු මස 15 වන දින සිය 26 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුක්තව සමරන ලදි. සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින්  වැඩ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම බලඝණ අනදෙන නිළධාරී විංග් කමාන්ඩර් පියුමාල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී.

සිය සංවත්සරයට සමගාමීව ආගමික වැඩසටහන් රැුසක් සංවිධානය කර තිබූ අතර අංක 06  බලඝණෙය් සියළු දෙනාගේ සහභාගීත්වයෙන් එල්ලේ තරඟයක්ද සංවිධානය කරන ලදී.

2019 පෙබරවාරී මස 25 දින ලේ දන්දීමේ පිංකමක් බලඝණ පරිශ‍්‍රයේදී පැවැත්වුනු අතර මාර්තු මස 09 දින රුවන්වලි සෑරදුන් අභියස දන්සැල් වැඩසටහනක් පවත්වන ලදී. අනුරාධපුර නල්ලමුදාව විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කරනු ලැබූ අතර එම විද්‍යාලයට තොරතුරු තාක්ෂණ ඒකකයක් ලබා දීමදපාසල් පොත් හා පාසල් උපකරණ බෙදාදීමක්ද  සිසු ගුරු සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි