2018 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප‍්‍රධානය කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලීල නිපැයුම්ල සොයා ගැනීමි ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප‍්‍රධානය කරමින් ගෞරව දැක්වීමේ වර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 මාර්තු මස 19 වන දින කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණ.
2018 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හී අධ්‍යක්‍ෂක මණ්ඩල මගින් සිදු කල අධීක්ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී. ගගන ඉංජිනේරු,සාමාන්‍ය ඉංජිනේරු,විද්‍යුත් සහ සන්නිෙවිදන ඉංජිනේරු,සිවිල් ඉංජිනේරු,සැපයුම්,පරිපාලන,මෙහෙයුමි භූමි,සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය යන අංශයන්හි සේවා නියුතු වුවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.
ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩ කටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලබයි. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ඇතුළු ප‍්‍රධාන කමිටුවක් මගිනි.
2018 වසරේ විශිෂ්ඨම ගුවන් භටයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ සේවය කරන සැරයන් පේ‍්‍රමනාත් එම් කේ පි (ජලනල තාක්ෂණ ශිල්පී) සම්මානයෙන් පිදුම් ලැබු අතර 2018 වසරේ විශිෂ්ඨම ගුවන් කාන්තාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි සේවය කරන කෝප‍්‍රල් ජයවර්ධන කේ ඒ එස් එස් (ගිණුම් සහයිකා විශේෂ 1) පිදුම් ලැබිය.
මෙහිදී විවිධ සොයා ගැනීම් සිදු කරන ලද කණ්ඩායමට ද සම්මාන පිරිනැමුනු අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ ගුවන්යානා සහයක බලඝන කණ්ඩායම සම්මාන ලබා ගැනීමට සමත් විය.
මෙම සමිමාන උලෙලෙහි හොදම තත්ව පාලන කමිටුව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ අංක 04 හෙලිකොප්ටර් බලඝනය සමිමානය දිනාගන්නා ලද අතර මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඞී එල් එස් ඩයස්,ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්,ගුවන් හමුදා නිළධාරීන් ඇතුලූ සෙසු නිළයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.