ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ත‍්‍රිපිඨකාභිවන්දනා වැඩසටහන ක‍්‍රියාත්මක කරයි
වර්ෂ 2300 ක් පමණ භික්‍ෂූන් වහන්සේලා, බෞද්ධයින් සහ රජවරුන් විසින් සුරක්‍ෂිත කරගත්තාවූ ථෙරවාද ත‍්‍රිපිඨකය ශ‍්‍රී ලාංකීය ජාතියේ පවිත‍්‍ර උරුමයක් ලෙසින් නිවේදනය කරන ලදී. මෙය බුද්ධාගමේ උරුමය ආරක්‍ෂා කිරීම උදෙසා අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගනු ලැබූ කාලෝචිත තීරයක් වන අතර, මෙය ශ‍්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් අවස්ථාවකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය ලෙස නම් කරන ලද අතර එම ෙඓතිහාසික මොහොතේ අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ත‍්‍රිපිඨකය ජාතික උරුමයක් වශයෙන් නම්කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ ත‍්‍රිපිඨකාභිවන්දනා සතිය පුරා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කරන ලදී.
සියළුම ගුවන් හමුදා කඳවුරු සහ ඒකකයන්හි බෞද්ධ ධජයන්ගෙන් සරසා තිබූ අතර මාර්තු මස 22 වන දින බත්තරමුල්ල ගුවන් හමුදා පහිනාංකයෙහි බුදු පිළිමයක් නිරාවරණය කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. තිනියාවල පාලිත නාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනාවන් මධ්‍යයේ පිළිම නිරාවරණය සිදු කරන ලද අතර පහිනාංක අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජේ අමරසිංහ මහතා සහ පහිනාංක සාමාජිකයින් විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙ අවස්ථාවට සහභාගී වූහ.
ගුවන් හමුදා කොලඹ කඳවුරේදී විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලද අතර අඩුදුම්බර සෝභිත හිමියන් විසින් දර්ම දේශනය මෙහෙයවන ලදහ. මෙම ධර්ම දේශනය ත‍්‍රිපිඨකාභිවන්දනා සතිය නිමිත කොට ගෙන ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරු සාමාජික සමාජිකාවන් අවබොධමත් කිරීම උදෙසා පවත්වන ලදී.

SLAF Station Colombo

SLAF Station Diyathalawa

SLAF Station Morawewa

SLAF Station Palaly

Academy China Bay

SLAF Station Mirigama