ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2018 ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබයි
2018 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ - අන්තර් දෙපාර්තමේන්තු අංශයේ රන් සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. සම්මාන උළෙල පසුගිය මාර්තු මස 26 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලාෙව්දී පවත්වන ලදී.

රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යංශය යටතේ ස්ථාපිත ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් 2018 ජාතික ඵලදායීතා සම්මාන උළෙල සංවිධානය කරන ලදී.  මෙම තරඟාවළිය සඳහා පසුගිය වසර තුළ ඵලදායීතා සංකල්ප සහ එම ක‍්‍රියාකාරකම් යොදා ගැනීම සාර්ථකව සිදු කරන ලද ආයතන ඇතුළත් කරගන්නා ලදි.

මෙම තරඟාවළියේදී රන් සම්මානය දිනාගත් සංවිධාන මීට පෙර මෙම අංශයේ ඵලදායීතා සම්මානය දිනා   එම තත්වය දිගින් දිගටම ඉහලම පරිචයකින් පවත්වාගෙන මෙවරද ලකුණු 90 කට වැඩි ලකුණු සාමාන්‍යයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙහිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානෙය් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකය, පුහුණු අධ්‍යක්ෂකය, විද්්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරුඉංජිනේරු අධ්‍යක්ෂකය, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂකය  යන අංශ්‍යන් ආවරණය වන පරිදිත් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්යාලය හා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය ද ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුරෙහි පිහිටි අංක 07 බලඝනය ද මෙම ඵලදායීතාව ඇගයීම සඳහා ඉදිරිපත් කරන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  විසින් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතින් රන් කුසලානය ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා තත්ව පාලන අංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි