60 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
60 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 අපේ‍්‍රල් මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා  නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශකවරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන්  ශ‍්‍රි ලංකා  නාවික හමුදාවේ නිලධාරීන් 02  පාකිස්තානු ගුවන් හමුදාවේ  නිළධාරීවරයෙකු බංගලාදේශ ගුවන් හමුදාවේ  නිළධාරීවරයෙකු ඇතුළු නිළධාරීන් 22 ක් සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2019 අපේ‍්‍රල් මස 01 සිට  ජූනි මස 28 වන දින  දක්වා පැවැත්වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි