චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය 58 වන සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් සිය 58 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා විරුවන් සහ ගුවන් හමුදාධිපතුමන් ඇතුළු ගුවන් හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන් සහොදර හමුදාවන්ට සහ සියළුම රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් දේශනාවක් සහ දහවල් සංඝගත දානමය පිංකමක් පසුගිය 2019 අපේ‍්‍රල් මස 03 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පිරිත් සජ්ජායනාව සඳහා ස්වාමීන්වහන්සේලා වැඩම කරවීම සහ ධාතු කරඬුව වැඩම කිරීම අලංකාර දේශීය නර්තන අංගයන්ගෙන් සමන්විත පෙරහැරකින් සිදු කරන ලදී. චීනවරාය විද්‍යාපීඨයේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන්  සෙසු නිළයන් සියළුම පුහුණුවන්නන් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි