නාලන්ද විද්‍යාලයේ වර්ණ ප‍්‍රධානෝත්සවය සදහා ගුවන් හමුදාපතිතුමන් සහභාගී වෙයි
2017 වර්ෂයේ නාලන්ද විද්‍යාලයේ වර්ණ ප‍්‍රධානෝත්සවය 2019 අපේ‍්‍රල් මස 04 වන දින විද්‍යාලයේ මලලසේකර රගහලේදී පැවැත්විණි.ආදී ආනන්දීය රණවිරු සංගමයේ සභාපති ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ අතර අධ්‍යාපන අමාත්‍යන්ශයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි වයි එම් එස් ගුණසේකර මහතාද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

2017 වර්ෂයේ විද්‍යාලය වෙනුවෙන් ක‍්‍රීඩා සහ බාහිර ක‍්‍රීයාකාරකම් සදහා විශිෂ්ඨ දස්කම් පෑ සිසුන් සදහා විද්‍යාලීය වර්ණ පිරිනැමීම මෙම අවශ්ථාවේදී සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි