පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරයි
ශ‍්‍රී ලංකාවේ උසම කඳු මුදුනෙහි පිහිටා ඇති පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර 2019 අපේ‍්‍රල් මස 06 වන දින සාම්ප‍්‍රදායික සිංහල හින්දු අළුත් අවුරුද්ද දැඩි උද්‍යෝගයෙන් යුතුව සමරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස්සී ප‍්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ අවුරුදු උත්සවය සංවිධානය කොට තිබිණි.

දිවයිනේ ඉහලම ස්ථානයේ ඉදිකරන ලද ”ලිස්සන ගස නැගීම”, ”කණා මුට්ටි බිඳීම” සහ කඹ ඇදීම ආදී ජන ක‍්‍රීඩා ඇතුළුව විවිධ වූ සාම්ප‍්‍රදායික අවුරුදු ක‍්‍රීඩා රැසක් උත්සවය පුරාවට පවත්වන ලදී. කඳවුරේ සියළුම සාමාජික, සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් අවුරුදු උත්සවය සඳහා සහභාගී වූහ. එසේම නුවර එළිය බිෂෝප් ඩැනියල් ළමා නිවාසයේ දරුවන් සහ ප‍්‍රදේශයේ පාසල් දරුවන්ට උත්සවය සඳහා සහභාගී වීමට අවස්ථාව උදාකරදී තිබිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි