පාකිස්ථාන නාවික හමුදා 48 වන මාණ්ඩලික පාඨමාලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාමාජිකයින් 22 කුගෙන් සමන්විත පාකිස්ථාන නාවික හමුදා 48 වන මාණ්ඩලික පාඨමාලාව2019 අපේ‍්‍රල් මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්හි නිළධාරීන් 22 නෙකෙුගෙන් සමන්විත සංචාරක කණ්ඩායමෙහි රියර් අද්මිරාල් මිරා(‘ෆසා ෆෝඩ් අමීන් බේ(යි*ග් මහතා විසින් නායකත්වය හොබවන ලදී.

නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ඇතුළු පිරිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය. හමුව සිහිපත් වීම පිණිඩ දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අද්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී 1 ගෲප් කැප්ටන් තුෂාර වීරරත්න විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, සංවිධානය, ගුවන් බලය සහ අනාගත සැලසුම් පිළිබඳව දේශනයක් පවත්වන ලදී. නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා, අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ ගුවන් හමුදා නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි