ඉන්දියානු ඒකබද්ධ ආරක්‍ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දියානු ඒකබද්ධ ආරක්‍ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී ලුතිනන් ජෙනරාල් පෝදාලි ශන්කර් රාජේශ්වර් මහතා 2019 අපේ‍්‍රල් මස 08 දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ලුතිනන් ජෙනරාල් රාජේශ්වර් මහතා, 06 වන ඉන්දු - ශ‍්‍රී ලංකා වාර්ශික ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම පිණිස දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු ආරක්‍ෂක ලේකම් සංජය මිත‍්‍රා මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකි.
ලුතිනන් ජෙනරාල් රාජේශ්වර් මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී. අනතුරුව ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ නියෝජිත පිරිස සුහද සාකච්ඡුාවක නිරත වූහ. හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරු කරගැණීමක්ද සිදු කරන ලදී.