ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 මැයි මස 06 වන දින සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ ඛණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පුද කරන ලදී.
මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී සැරයන් බණ්ඩාර ආර්ඒඑස් විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.
කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලදී. කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.