බණ්ඩාරනායක ජත්‍යයන්තර ගුවන් තොටුපලේ ගුවන් මගින් සදහා නව ආරක‍ෂක සැලැස්මක්
2019 අප්‍රේල් 21 වන දින ඇතිවූ ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක‍ෂක පරීක‍ෂාවන් වැඩිකරනු ලැබිය. රථවාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළුවී තහනම් කිරීම නිසා ගුවන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට පත්වන්නට සිදුවිය.

ඒ අනුව, ගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන් හට ඔවුන්ගේ වාහන වෙත යාම සඳහා සැලකිය යුතු දුරක් පයින් ගමන් කිරීමට සිදුවිය.

එහෙත් මෙි වනවිට ගුවන් තොටුපල වෙත පැමිණෙන හා පිටත්වයන මගීන්ට හට තම ගමන් මලූ රැගෙන පයින් ගමන් කිරීමට තිඛෙන දුර අවම කිරීමට පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරීමට අවසර ලබා දිමට ගුවන් හමුදාව විසින් කටයුතු යොදා ඇතිබව සතුටින් දැනුමි දිමට කැමැත්තෙමි.

එසේම ගුවන් තොටුපල කුලී රථ ප්‍රවාහන සේවයේ රථ සඳහා පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමට පහසුකම් සලසා දී ඇති අතර එම සේවාව ලබා ගැනීමට කැමැත්ත දක්වන මගීන් හට පැමිණීමේ පර්යන්තයෙන්ම කුලී රථ වෙන් කරවා ගැනීමේ පහසුකම ලබාගත හැක. එසේම පර්යන්තයෙන් පිටතදී ඔවුන් හට එම රථයට ගොඩවීමේ පහසුකම ද ලබා දි ඇත.

ගුවන් තොටුපලට පැමිණෙන ඕනෑම මගියෙකු හට මෙම නව වැඩපිළිවෙල පිළිබඳ වැඩිදුර විස්තර ගුවන් තොටුපලේ සිටින ගුවන් හමුදා සහ ගුවන් තොටුපල නිළධාරීන් ගෙන් විමසා දැනගැනිමට හැකියාවක් ඇත.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි