
කොග්ගල සේවා වනිතා ඒකකය දානමය පිංකමක් සංවිධානය කරයි
කොග්ගල ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය විසින් 2019 මැයි මස 11 වන දින කොට්ටාව සුමුදු ආරාමයේ භික්ෂුණීන් වහන්සේ 12 නමක් උදෙසා දානමය පිංකමක් පැවැත්විණ.මෙහිදී දානය සහ සපිරිකර භික්ෂුණීන් වහන්සේලා හට පිරිනමන ලදි. කොග්ගල සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඩී වාසනා ධර්මදාස මහත්මිය හා කදවුරු සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් මෙම අවශ්ථාවට සහභාගි විය.





