ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මහරගම අපේක්‍ෂා රෝහලේ සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2019 මැයි මස 20 වන දින මහරගම අපේක්‍ෂා රෝහලේ සංචාරයක නිරත විය.

සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය මෙහි ප‍්‍රධානත්වය ගනු ලැබූ අතර ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී සංචාරය අතරතුර සභාපතිතුමිය නේවාසිකව ප‍්‍රථිකාර ලබාගන්නා දරු දැරියන් සමග සුහදව කතාබහ කල අතර ඔවුන් හට ත්‍යාග පාර්සල් ලබාදීමටද කටයුතු කරනු ලැබුවාය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි