අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 54 වන සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 54 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මෙයට සමගාමීව මැයි මස 25 දින පිරිත් සජ්ජායනයක් පවත්වන ලදී. තව දුරටත්  පුණ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කල අතර ඒ සර්වෝදය සුව සෙත ළමා නිවාසය මූලික කරගනිමිනි. එහිදී ළමා නිවාසයේ අළුත් වැඩියා කටයුතු සිදුකරණ ලද අතර දරුවන් උදෙසා උදෑසන ආහාරය හා ත්‍යාග පාර්සල් ප‍්‍රධානය කිරීමක් ද මැයි මස 30 දින සිදුකරණ ලදී.

අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේ ඒ ඩී ඒ සී  කුරුවිට විසින් සැමරුම් දින  පෙළපාලිය නිරීක්ෂණය කරන ලද අතර අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය වසර 54 ක් පුරාවට දේශය වෙනුවෙන් බලඝනයේ සාමාජික සාමාජිකාවන් දැක්වූ දායකත්වය අණදෙන නිළධාරීතුමන් විසින් ඇගයීමට ලක්කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි