වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය සිය 11 වන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය 2019 ජුනි මස 01 වන දින සිය 11 වන සංවත්සරය සමරනු ලැබීය.  සංවත්සර දින පෙළපාලිය පක්‍ෂාංග අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලියුඑම්එල් වන්නිනායක විසින් නිරීක්‍ෂණය කරන ලදී.

 නියමුවන් රහිත ගුවන් යානා පළමු කණ්ඩායම 1996 වසරේ දී වව්නියාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී අංක 11 බලඝණය ලෙස ආරම්භ කරන ලද්දේ බලපංති ලුතිනන් ඩි එස් තලගල නිලධාරි තුමන් යටතේය. ඉන් අනතුරුව 2008 වසරේ ජූනි මස 01 වන දින එම බලඝණය අංක 111 සහ 112 නියමුවන් රහිත බලඝණය ලෙස බලගණ දෙකක් අනුරාධපුර සහ වවුනියාව ගුවන් හමුදා කදවුරු වලදී ආරම්භ කරන ලදී.

 අවසන් වූ මානුෂීය මෙහෙයම් කාලසීමාව තුළදී අංක 111 බලඝණයේ සර්චර් එම්කේ 11 නියමු රහිත ගුවන් යානය ත‍්‍රස්ථවාදී ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරමින් සුවිශාල සේවයක් ඉටුකරන ලදී.

සිය 11 වන සංවත්සරය සැමරීම සදහා 2019 මැයි මස 17 වන දින මඩුකන්ද විහාරයේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් තැන්පත් කර ඇති දළදා මැදුර එල්ඊඩි විදුලි බල්බ වලින් ඒකාලෝක කිරීම සහ බලඝනයේ සියලූම නිලධාරීන්ගේ සහ ගුවන් භටයින්ගේ සහභාගීත්වයෙන් මඩුකන්ද විහාරස්ථානයේ ශ‍්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී.

බලඝනයේ ආරම්භයේ සිට බලඝනය වෙත පූර්ණ කැපවීමක් කළ සිවිල් සේවකයින් ඇගයීම සහ සහතිකපත් ප‍්‍රධානයක් මෙහිදි සිදූවිය.තවද සේවයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිත බලඝන බලලත් නිලධාරියා සහ විනය භාර ජේඅනො නිලධාරියා හට ඔවුන්ගේ සේවය අගයා සමරු සිහිවටන සහ තිළිණ ප‍්‍රධානය කිරීමක්ද මෙහිදී සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි