අශ්වාරෝහක පුහුණු උපදේශක පළමු පාඨමාලාව විසිර යයි
ගුවන් හමුදා පළමු අශ්වාරෝහක පුහුණු උපදේශක පාඨමාලාවේ විසිර යාමේ උත්සවය 2019 ජූනි මස 02 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
පාඨමාලාව හැදෑරූ නිළධාරීන් තිදෙනෙකු සහ ගුවන් භටයින් 15 දෙනෙකු හට මෙහිදී සහතිකපත් ප‍්‍රදානය කරන ලදී.
පොලිස් මූළස්ථානයෙන් පැමිණ පාඨමාලාවේ උපදේශකයන් ලෙස කටයුතු කල පොලිස් අශ්වාරෝහක පුහුණු උපදේශකයින් තිදෙදෙකු හටද මෙහිදී සමරු තිළිණ ප‍්‍රදානය කරන ලදී.